ලංවිම කෑලි කඩන කෙටුම්පත කැබිනට් එකට

165

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට කඩා එය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලිය ඇතුළත් පනත් කෙටුම්පත හෙට (13 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම යෝජනාවට අනුව විදුලි ජනනය කොටස් නවයකටත්, සම්ප්‍රේෂණය කොටස් දෙකකටත්, බෙදාහැරීම කොටස් හතරකට කඩා සමාගම් ස්ථාපිත කිරීමට නියමිතව ඇතැයි ලංවිම උසස් නිලධාරීහු කියා සිටිති. මෙම සමාගම් විදේශ ආයෝජකයන්ට ද ලබාගත හැකි පරිදි මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුවන බවද ඔවුහු කියා සිටියහ. ඒ අනුව දැනට විදුලිබල ඒකාධිකාරිය අහෝසි වී තරගකාරී ලෙස ඒ ඒ සමාගම් මෙරට විදුලි අවශ්‍යතාව පිරිමසිනු ඇතැයි රජයේ බලධාරීහු විශ්වාස කරති.

අදාළ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණ පසු කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment