ලංවිම පරණ පාඩු පියවා ගන්න විදුලි බිල වැඩිකිරීම අසාධාරණයක් – විමල් වීරවංශ

117

ගාස්තු යළිත් වැඩිකරන්න එපා – විපක්‍ෂ නායක සජිත් කියයි

විදුලි බිල යළිත් වරක් වැඩිකිරීම ජනතාවට, කර්මාන්ත ක්‍ෂේත්‍රයට මෙන්ම රටට ද දරාගත නොහැකි බැවින් විදුලි බිල වැඩි නොකරන ලෙස විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

විදුලි බිල නැවත වතාවක් වැඩි කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් ගුවන්යානා මිලදී ගැනීම වැනි නාස්තිකාර ව්‍යාපෘතීන් වෙනුවෙන්දැයි විපක්‍ෂනායකවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

ඉදිරියේ අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට ආණ්ඩුව අපේක්‍ෂා කරන්නේ ඇයිදැයි අසා සිටි විපක්‍ෂනායකවරයා විදුල ිබිල වැඩි කිරීම ජනතාවට, කර්මාන්ත ක්‍ෂේත්‍රයට මෙන්ම රටට ද විශාල බරක් බැවින් විදුලි බිල වැඩි නොකරන ලෙස ද ඉල්ලා සිටියේය.

ලංවිම කෑලි අටකට කඩා පෞද්ගලික අංශයට විකිණීමේ සැලසුමක් තිබේදැයි විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඇසීය. මේ අතර විදුලිබල මණ්ඩලයේ අතීතයේ සිදුවූ හිඟපාඩුව අයකර ගැනීමේ අරමුණින් නැවත වතාවක් විදුලිය වැඩිකරන්නේ නම් එය අසාධාරණ බව මන්ත්‍රී විමල් වීරවිංශ මහතා ද පැවැසීය.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය කෑලි අටකට කඩා විකිණීමට ආණ්ඩුවට අදහසක් නැතැයි ද, ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට දන්වා අද (06 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට තමන් උපදෙස් දෙන බව ද සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment