ලංවිම විකුණනවාට එරෙහිව සේවකයෝ 27දා ලෙඩ නිවාඩු

96

ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකුණා දැමීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ලංවිම සේවකයන් ලබන 27 වැනිදා ලෙඩ නිවාඩු දමා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එදින පෙරවරු 10.00 සිට මෙම වැඩමුළුව සඳහා සියලුම සේවකයන් සහභාගි වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ‘දිවයින’ට පැවසීය.

විදුලිය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යමින් මෙම විරෝධතාව සිදුකරන බව ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment