ලංවිම සභාපති හා සාමාන්‍යාධිකාරි සමග ගනුදෙනුවක් නෑ: ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු

271

විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර පැවති සාකච්ඡුා ඉතා සාධනීය ලෙස අවසන් වුවත් මණ්ඩලයේ සභාපති හා සාමාන්‍යාධිකාරිවරයා සමග ගනුදෙනු නොකිරීමට ගෙන තිබෙන වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය තවදුරටත් ක‍්‍රියාත්මක යැයි ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.

ඉකුත් 03 වැනිදා රටපුරා විදුලිය බිඳවැටීමේ සිද්ධියෙන් පසුව එදින සිට අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය තාවකාලිකව නතර කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූ ආකාරයට පවතින ගැටලූ නිරාකරණය වනතුරු සභාපති හා සාමාන්‍යාධිකාරිවරයා සම`ග කරන කටයුතුවලින් ඈත්ව සිටින බවත් කුමාරවඩු මහතා කීය.

මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය නිසා ටෙන්ඩර් කමිටු ඇතුළු බොහෝ කටයුතුවලට යම් යම් බාධා සිදුවන බවද කුමාරවඩු මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment