ලංවිම සේවකයන් සිටියදීත් කෝටි 206 ක් ගෙවා පිටින් අතු කප්පා ගෙන

226

විදුලිබල මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්

විදුලිබල මණ්ඩලයේ විසිහයදහසක ස්ථීර සේවක පිරිසක් සිටියදී ගස්වල අතු කැපීම, විදුලි සැපයුම් ලබාදීම හා විදුලි සැපයුම් විසන්ධි කිරීම යන කරුණු තුනට පමණක් 2021 වසරේදී රුපියල් කෝටි 206 කට වැඩි මුදලක් වැයකර ඇතැයි විදුලිබල මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ. පී. ප්‍රභාත් මහතා පැවසීය. 03-පිටුවට

දෙහිවල සිට කතරගම :ඍ4* බත්තරමුල්ල සිට බදුල්ල :ඍ3* කිරිබත්ගොඩ සිට මාතලේ :ඍ2* හා කොළඹ සිට යාපනය දක්වා :ඍ1* යන ප්‍රධාන ආවරණ කලාප හතරම ආවරණය වන පරිදි පෞද්ගලික අංශයෙන් ඉහත සේවාවන් තුනම ලබාගැනීම නිසා මණ්ඩලයට ඉතිරි කර ගැනීමට තිබූ රුපියල් කෝටි 206 කට වැඩි මුදල අහිමිවී ගොස් ඇතැයි ඔහු කීය.

ඉහත සේවාවන්වලට අමතරව බලාගාරවල ද මණ්ඩලයේ සේවකයන් යෙදවීමේ හැකියාව තිබියදී පෞද්ගලික සේවකයන් යොදවා තිබෙන බවත්, මණ්ඩලයේ වාහන 3000 ක් පමණ තිබියදී පෞද්ගලික අංශයෙන් මණ්ඩලයේ අවශ්‍යතා සඳහා වාහන 1000 ක් පමණ ලබාගෙන ඇති බවත් ඔහු කීය.

මෙය නතර කරන ලෙස විදුලිබල මණ්ඩලය භාරව කටයුතු කළ සියලුම ඇමැතිවරුන් ගෙන් ඉල්ලාසිටියත් එය ඉටුනොවූ බවත් වත්මන් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මේ ගැන අවධානය යොමුකර මෙම අමතර වියදම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන බවත් ප්‍රභාත් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment