ලංවීම ඉන්ජිනේරුවන්ගේ අවුරුද්දක් කපයි

395

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට වයස අවුරුදු හැට එක දක්වා රාජකාරි කිරීමට ලබාදී තිබු අවසරය වහාම ක‍්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු හැට දක්වා අඩු කිරීමට පාලන අධිකාරිය තීරණයක් ගෙන තිබේ.

ඊට අදාළ චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඉකුත් අයවැය මගින් රාජ්‍ය සේවකයින් විශ‍්‍රාම ගන්නා කාලය දීර්ඝ කළත් සංස්ථා, මණ්ඩල හා ව්‍යස්ථාපිත ආයතනවල සේවකයින්ට එය අදාළ නොවේ. එනිසා මෙම මස අවසන් වනවිට විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් විසිදෙනකුට පමණ විශ‍්‍රාම යෑමට සිදුව තිබේ.

රජයේ වෛiවරුන් ඇතුළු අනෙකුත් සියලූම රාජ්‍ය සේවකයින්ටද වයස අවුරුදු හැටපහ දක්වා රාජකාරි කිරීමට ඉකුත් අයවැය මගින් අවස්ථාව ලබාදෙනු ලැබීය.

වෛiවරුන් ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවකයින්ට වයස අවුරුදු හැටපහ පිරෙන තුරු රාජකාරි කිරීමට ඉඩදී තිබියදී විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් වයස අවුරුදු හැටෙන් විශ‍්‍රාමගැන්වීමට ගත් තීරණය පිළිබඳ ඔවූහු කනස්සල්ල පළකර සිටිති.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment