ලක්නව් සුපර් ජයන්ට්ස් දෙවෙනි ජය ලබයි

130

2022 ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මුම්බායිහිදී පෙරේදා (04 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට අවේෂ් ඛාන් සහ ජේසන් හෝල්ඩර් ප‍්‍රමුඛ ලක්නව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි.

හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රාහුල් ත‍්‍රිපාටි පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර නිකලස් පූරන් පන්දු 24 කදී ලකුණු 34 ක් රැස් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්හ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ලෝකේෂ් රාහුල් පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස් කළේය.

වේගවත් පිතිහරඹයක නිරත වූ හූඩා පන්දු 33 කදී ලබාගත් සිය අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සැරසුවේය. අයුෂ් බදෝන් පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක් රැස්කරමින් ලක්නව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහභාගි වූ මුල් තරග 2 ටම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ අතර ඔහු වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක‍්‍රීඩක ජේසන් හෝල්ඩර් කණ්ඩායමට ඇතුළත් විය.

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල – ඕවර 20 කදී කඩුලු 7 කට 169

(ලොකේෂ් රාහුල් 68, දීපක් හූඩා 51, අයුෂ් බදෝනි 19, ටී. නටරාජන් 26/2, රොමාරියෝ ෂෙපර්ඩ් 42/2, වොෂින්ටන් සුන්දර් 28/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල – ඕවර 20 කදී

කඩුලු 9 කට 157

(කේන් විලියම්සන් 16, රාහුල් ත‍්‍රිපාටි 44, නිකලස් පූරන් 34, වොෂින්ටන් සුන්දර් 18, අවේෂ් ඛාන් 24/4, ජේසන් හෝල්ඩර් 34/3, කෘනාල් පාණ්ඩ්‍යා 27/2)

advertistmentadvertistment
advertistmentadvertistment