ලක්නව් සුපර් ජයන්ට් පළමු තැනට එයි

116

අයි. පී. එල්. තරගාවලියේ පෙරමුණ ගෙන සිටි ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම දෙවැනි තැනට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් පෙරේදා (07 වැනිද) පැවැති තරගය ජය ගැනීමත් සමගිනි.

 පූනේ ක්‍රීඩාංගණයේදී පැවැති ලක්නව් සහ නයිට්රයිඩර්ස් අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 176ක් වාර්තා කළේය. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලබා ගත හැකිවූයේ පන්දුවාර 14.3කදී සියලු දෙනා දැවී ලකුණු 101ක් පමණි.

 ලක්නව් වෙනුවෙන් ක්වින්ටන් ඩීකොක් ලකුණු 50ක් සහ දීපක් හූඩා ලකුණු 41ක් රැස් කළේය. මාක්‍රස් ස්ටොනිස් ලකුණු 28කට සහ කෲනාල් පාණ්ඩයා ලකුණු 25කට දැවී ගියේය.

 කොල්කටා වෙනුවෙන් පන්දු 19කදී ලකුණු 45ක් රැස් කිරීමට ඇන්ඩෲ රසල් සමත්වූයේ හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් එල්ල කරමිනි. සුනිල් නරේන් ලකුණු 22ක් රැස් කළේය.

 දුෂ්මන්ත චමීර ලකුණු 14කට කොල්කටා ඉනිමේ එක් කඩුල්ලක් දවා ගත්තේය. ආවේෂ් කාන් සහ ජේසන් හෝල්ඩර් කඩුලු 3 බැගින් බිඳ හෙළීය.

advertistmentadvertistment
advertistmentadvertistment