ලක්මාල්ගෙන් කඩුලු හතක්

759

ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවා ලෙස මේ වන විට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ඔස්‌ට්‍රේලියාවේ මානස් ලැබුශේන්ගේ කඩුල්ල ද ඇතුළත්ව ග්ලැමෝගන් ප්‍රාන්තයට එරෙහිව කඩුලු 5ක් දවා ගනිමින් සිය පළමු එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයේදී දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාවේ සුරංග ලක්මාල් සමත්විය.

එම තරගයේ පළමු ඉනිමේදී පන්දුවාර 29 යි පන්දු හතරක් තුළදී ලකුණු 82කට කඩුලු 5ක් දවා ගත් ලක්මාල් දෙවෙනි ඉනිමේදී ද කඩුලු දෙකක් දවා ගනිමින් සම්පූර්ණ තරගයේදී කඩුලු හතක් දවා ගැනීමට සමත් වූයේය.

ඩර්බිශයර් ප්‍රාන්තය නියෝජනය කරමින් ලක්මාල් මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු මිකී ආතර් මහතා එම කණ්ඩායමේ පුහුණුකරු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment