ලක්විජය බළාගාරයේ බත්තලක් ගසාගෙන යයි

335


නෙරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බළාගාරය වෙත ගල්අගුරු ප‍්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය සමාගමකට අයත් බත්තලක් අද අළුයම සැඩ සුළඟට අසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්න ගොඩ ගසා ඇත.
එහි සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනා,නාවුක හමුදාව හා ඉලංතඩිය ධීවරයන් මුදා ගෙන තිබේ. මුහුදේ පවතින අධික සුළං තත්ත්වය නිසා මෙම බත්තල ඇළවී අනතුරට පත්වීමට ගොඩට ගසා ගෙන ඇත.
ප‍්‍රධාන නෞකාවෙන් බලාගාරයට ගල්අඟු‍රු ප‍්‍රවාහනය කරන බත්තලක් මෙසේ අනතුරට ලක්ව තිබේ. මෙම බත්තලේ ගල් අගුරු ටොන් 700 වැඩි ප‍්‍රමාණයක් ඇති බවත් දැන් මෙහි ජලයද පිරී ඇති බවත් මෙයින් ඞීසල් පිට වීමක් සිදු විය හැකි බවයි ප‍්‍රදේශයේ ධීවරයෝ සදහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment