ලක්‍ෂයට වැඩි වැටුප: අධිකරණ විනිසුරුවරුන්ට බදු නොගහන්නැයි අතුරු තහනමක්

293

රුපියල් ලක්‍ෂයකට අධික ඉහළ වැටුප් ලබන වෘත්තිකයන්ගෙන් ඔවුන් ලබන වැටුප අනුව බදු අයකර ගැනීමට රජය ගෙන ඇති තීරණය අනුව අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කටයුතු නොකර පෙර පැවැති තත්ත්වයෙන්ම තබාගන්නා ලෙසට අභියාචනාධිකරණය පෙරේදා (25දා) ආදායම් බදු දෙපාර්තමේන්තුවට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ නව සංශෝධන අනුව අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අයකිරීම (ඒපීඅයිටී) අභියෝගයට ලක්කරමින් අධිකරණ විනිසුරුවරුන් බහුතරයක් සාමාජිකත්වය දරන අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. පෙත්සම්කාර අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment