ලක්ෂ අටකට අධික වටිනාකමින් යුත් ඉන්ධන සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

253


කල්මුනේ පොලිස් වසමේ මානම් පාර, පන්සල අසල ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව භූමිතෙල් ලීටර් 2,160 ක් සන්තකයේ තබාගෙන සිටි යටිකන පාර, වේරදූව, මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය සමන්තුරය කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්මුනේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.මෙම ඉන්ෂන වල වටිනාකම රුපියල් ලක්ෂ අටහාමාරකට අධිකය.
විශේෂ කාර්ය බලකාය සමන්තුරය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අරන්තලාව කඳවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්.ආර්. ආනන්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මෙම වැටලීම සිදු කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment