ලක්ෂ අසූවක ඩීසල් අත්අඩංගුවට

232

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කල රුපියල් ලක්ෂ අසූවකට අධික වටිනාකමකින් යුත් ඩීසල් තොගයක් විශේෂ කාර්ය බලගළකායේ නිලධාරීන අද අත්අඩංගුවට ගෙන ඇත. හම්බන්තොට ධීවර වරායේ සිට මාලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් සහ තවත් ලොරි රථයකින් හම්බන්තොට වැල්ලවාය, පැලවත්ත ප්‍රදේශයට බලපත්‍ර නොමැතිව ඩීසල් ප්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම ඩීසල් ප්‍රවාහනය කළ හම්බන්තොට අවට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ත් 45 අතර වයසේ පසුවන පුද්ගලයන් හතර දෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ලොරි රථ සහ ඩීසල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බළකාය විසින් හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment