ලක්‍ෂ තුනක් වටිනා රන් අත්පළඳනාව අහුලා භාරදුන් පෝද්දිවෙල විදුහලේ  ක්‍රිශානි සහ නෙතුකි

276

විද්‍යාලයීය පරිශ්‍රයේ තිබී රුපියල් 300,000 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං අත් පළඳනාවක් අහුලාගත් ගා/පෝද්දිවල මහා විද්‍යාලයීය සිසුවියන් දෙදෙනකු එම රන් අත් පළඳනාව තමන් වෙත ලබාදුන් බව විදුහල්පති රංජිත් ධර්මවර්ධන මහතා පැවැසීය.

7 ඊ ශ්‍රේණියේ ඉගෙනුම ලබන ක්‍රිශානි ඉඳුනිල් සහ නෙතුකි භාග්‍යා එම සිසුවියන් දෙදෙනා බව විදුහල්පතිතුමා පැවසීය. මෙම විදුහලේ නර්තන කණ්ඩායමේ හිස වෙස් පැළඳවීමේ මංගල්‍යය නිමිත්තෙන් පසුගිය 25 දා රාත්‍රියේ බලියාග ශාන්ති කර්මයක් පැවැත්වුණු බවද එහි ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගි වූ නියාගම පිටිගල වි.වි.ධ. සේවා සමුපකාර සමිතියේ සභාපති ස්ටීවන් ආරියරත්න මහතාගේ රන් අත් පළඳනාව අස්ථාගත වී බව තමන් වෙත පවසා වෙස් මංගල්‍යය අවසානයේ පාසලෙන් පිටව ගිය බව විදුහල්පතිවරයා පැවසීය.

සභාපතිවරයාව විද්‍යාලයට කැඳවා අනන්‍යතාව පරීක්ෂා කර එම අත් පළඳනාව අහුලාගත් සිසුවියන් දෙදෙනා අතින්ම ආරියරත්න මහතා වෙත භාරදීමට කටයුතු කළ බව විදුහල්පතිතුමා සඳහන් කළහ.

චන්දන සමන් කුමාර – පැලවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment