ලක්ෂ දෙකක සමෘද්ධි ප‍්‍රථිලාභින් සවි බල ගැන්වයි

344

තෝරාගත් ලක්ෂ දෙකක සමෘද්ධි ප‍්‍රථිලාභින් මේ වසරේ සවි බල ගැන්වීමට කටයුතු කරන බව සමෘද්ධි ,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වං රැුකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යා ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

මිලියන 22 ක ජනතාවක් ජිවත් වන මෙරට ලක්ෂ 18 ක ජනතාවක් සමෘද්ධිය ලබන බවත් ඉන් තෝරාගත් ලක්ෂ දෙකක ප‍්‍රථිලාභින් ප‍්‍රමාණයක් මෙසේ සවි බල ගැන්වීමට කටයුතු කරන බවත් රාජ්‍ය ඇමතිවරයා කියයි.

ඒ සදහා තෝරා ගත් දිනට පසු දින එම තෝරාගත් ප‍්‍රතිලාභීන්ගේ සමෘද්ධි මුද්දර කපා ඉවත් කිරීමට කිසිසේත් කටයුතු නොකරන බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කීවේය.

සමෘද්ධි අමාත්‍යාංශයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය ඇමතිවරයා එසේ ප‍්‍රකාශ කළේය,

advertistmentadvertistment
advertistmentadvertistment