ලක්ෂ පනහක හොර සිගරට් එස්ටීඑෆ් එකෙන් අත්අඩංගුවට

112

රුපියල් ලක්‍ෂ පනහකට අධික වටිනා කමකින් යුත් විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 60000 ක් හා දුම්වැටි අලෙවියෙන් උපයාගත් රුපියල් නව ලක්‍ෂ විසි දහසක මුදලක් සම`ග පුද්ගලයන් දෙදෙනකු හා වෑන් රථයක් කොළඹ විශේෂ කාර්ය බළකාය වැටලීම් ඒකකය මගින් (18දා) වත්තල කල්්‍යාණී පාරේ පෞද්ගලික ඉඩමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත 18දා මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගන්නා විටත් සිගරට් තොගයෙන් කොටසක් අලෙවි කර තිබූ බව පොලිසිය කියයි.

විශේෂකාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ

අධීක්‍ෂණය යටතේ බස්නාහිර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ආර්. එම්. සුමනවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක බී. එස්. එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් හා සිගරට් තොගය වත්තල පොලිසිය වෙත භාර දී තිබේ.

ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment