ලක්ෂ 1300ක කේරල ගංජා  තොගයක් කුදිරමලේ තුඩුවේදී  නාවික හමුදා භාරයට

123

ඉන්දීය හා මෙරට ධීවරයෝ 10ක් අත්අඩංගුවට

නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව කුදිරමලේ තුඩුව මුහුදු කලාපයේදී සිදු කළ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 1300 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 434 ක් , ඉන්දියන් ධීවරයන් 5 දෙනෙක් හා මෙරට ධීවරයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වේ.

ලක්ෂ 1300ක කේරල ගංජා  තොගයක් කුදිරමලේ තුඩුවේදී  නාවික හමුදා භාරයට

13 වෙනි දින සවස මෙම මෙහෙයුම සිදුකර තිබිණි. වයඹ මුහුදු කලාපයට අයත් පුත්තලම කුදිරමලේ තුඩුවට බටහිරින් පිහිටි මුහුදු තීරයේ සැක සහිත ඉන්දියන් ඩච් යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පැවසීය. කේරළ ගංජා කිලෝ 434 උර 9 ක් තුළ ඉතා සුක්ෂම අයුරින් අසුරා තිබිණි.

ලක්ෂ 1300ක කේරල ගංජා  තොගයක් කුදිරමලේ තුඩුවේදී  නාවික හමුදා භාරයට

ඉන්දියන් ඩච් යාත්‍රාවේ තිබූ කේරළ ගංජා තොගය හා ඉන්දියන් ධීවරයන් පස්දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම යාත්‍රාව ආසන්නයේ සැක සහිත ලෙස හැසිරුණු මෙරට ධීවර යාත්‍රාවක සිටි 5 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. නාවික හමුදාවේ සහායට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ද එක්ව සිටියහ.

අත්අඩංගුවට ගත් ඉන්දීය හා මෙරට ධීවරයන් දසදෙනා හා කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කල්පිටිය පොලිසියට භාරදීමට කටයුතු කර තිබිණි.

අමරනන්ද විජේසේකර – මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment