ලක්‍ෂ 20ක් අල්ලස් ගනිද්දී මාවනැල්ලේ සභාපති දැලේ

108

රුපියල් ලක්ෂ විස්සක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති දසන්ත ස්ටීවන් මහතා (ශ්‍රී.ල.නි.ප) ඊයේ (13 දා) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මාවනැල්ල නගරයේ ප්‍රසිද්ධ හෝටලයක උඩු මහලේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරදීම සඳහා මාවනැල්ල, වලකඩයාව ප්‍රදේශයේ පදිංචි අයකුගෙන් මෙම මුදල ඉල්ලා ඇති අතර එය ලබා ගනිද්දී මොහු අත්අඩංගුවට ගෙන ඇත. එහි සිටි මන්ත්‍රීවරුන් දෙදෙනකු පලා ගොස් ඇතැයි අනාවරණය වෙයි.

යූ. ආර්. ජයන්ත සේනානායක – මාවනැල්ල

advertistmentadvertistment
advertistmentadvertistment