ලක්ෂ 20ක කොකේන් සමග දෙදෙනෙක් එස්ටීඑෆ් එකට කොටු

118

කැලනිය ඊරියවැටිය ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්විය. මොවුන් මේවා ලොරිරථයකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී

 කොටුකරගෙන තිබේ. මීට අමතරව මෙම වැටලීමේදී රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමින් යුත් තීරුබදු නොගෙවා ආනයනය කරනලද විදේශීය සිගරට් 7200ක්ද තිබී අත්අඩංගුවට ගත් බවද එම බළකාය කියයි. මොවුන් ලොරිරථයේ අසුනක හිස තබන කොටසේ ඉතා සූක්ෂ්ම ලෙස කොකේන් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 53යි මිලිග‍්‍රෑම් 510ක් අසුරා තිබී ඇත. මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු මීට මාසයකට උඩදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයකු බව හෙළිවිනැයිද එම බළකාය කියයි. එසේම අදාළ කොකේන් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනඒම පසුපස මේ වනවිට ශී‍්‍ර ලංකාවෙන් ඩුබායි රාජ්‍යයට පලාගොස් සැ`ගවී සිටින ප‍්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ වී ඇතිද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද එම බළකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නදීක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන රාජනායක, නිශ්ශංක, පොලිස් සැරයන්වරුන් වන මේනක (8525*, නිශ්ශංක (14515* යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

ප‍්‍රභාත් විතාන, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment