ලක්‍ෂ 4 ක ජනතාවක් නෙළුම් කුලුනට එති

158

මහජනතාව වෙනුවෙන් විවෘත කළ කොළඹ නෙළුම් කුලුන නැරඹීමට මේ වනවිට ලක්‍ෂ 4කට අධික දෙස් විදෙස් ජනතාවක් පැමිණ ඇතැයි නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

සතියේ දිනවල නෙළුම් කුලුන පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, සති අන්තයේදී පෙරවරු 9.00 සිට රාත්‍රි 11.00 දක්වාත් මහජනතාව වෙනුවෙන් විවෘත බව ද හෙතෙම කීය.

මේ දිනවල උත්සව සමයේ නෙළුම් කුලුන පරිශ්‍රය උත්සවශ්‍රීයෙන් විදුලි ආලෝකයෙන් ඒකාලෝක කර ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment