ලක්ෂ 40 ක පරිගණක උපාංග සමග අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනාට ඇප

169

අ`ගුරුවාතොට ඉංගිරිය සහ හොරණ ප‍්‍රදේශවල වෙළෙඳසැල් 8ක් බිඳ ලක්‍ෂ 40කට අධික වටිනාකමකින් යුත් පරිගණක සහ විද්්‍යුත් උපකරණ සොරාගත් බාල වයස්කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරීමට හොරණ මහෙස්ත‍්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

අදාළ සැකකරුවන් තවමත් පාසල් සිසුන් බැවින්ද මෙම වර්ෂය තුළ රජයේ විභාගයකට ඉදිරිපත්වීමට නියමිත බැවින් මෙම සහනය ලබා දී ඇත.

හොරණ දොඹගොඩ ප‍්‍රදේශයේ දී යතුරුපැදියක් පරීක්‍ෂා කිරීමේ දී පොරොවක් සහ නින්ජා වර්ගයේ හිස් වැස්මක් සමග අත් අඩංගුවට ගත් තරුණයකුගෙන් දිර්ඝ වශයෙන් ප‍්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාස 6කට පමණ පෙර මවුපියන්ට හොරෙන් ගොස් රාත‍්‍රී කාලයේ දී වෙළෙ`දසැල් බි`ද මෙම භාණ්ඩ සොරකම්කර ඇතැයි පොලිසිය කියයි.

මීළ`ග නඩු විභාගය නොවැම්බර් 25 දිනට නියම කෙරිණි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, සහකාර පොලිස් අධිකාරී සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත අ`ගුරුවාතොට ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක උපාලි සිරිවර්ධන ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

අඟුරුවාතොට – මංගල ප‍්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment