ලක්‍ෂ 55 ක ඩ්‍රෝනාව තෙල් අස්සේ පුස්කයි

418

තෙල් ටැංකි නිරීක්‍ෂණය කිරීම සඳහා රුපියල් ලක්‍ෂ පනස්පහක මුදලක් වැයකර මිලදී ගත් ඩ්‍රෝන කැමරාවක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සීපීඑස්ටීඑල්) ආරක්‍ෂක කළමනාකරුගේ කාමරයේ තබා තිබෙන බව එහි සේවකයෝ කියා සිටිති.

ඉන්ධන ගබඩා කර තබන ටැංකිවල දෝෂ නිරීක්‍ෂණයට යැයි කියමින් මෙම ඩ්‍රෝන කැමරාව මිලදී ගෙන ඇත. නමුත් එය මිලදී ගත් දින සිටම කැමරාව බිම තබා තිබෙන අතර ටැංකිවල තරප්පු පෙළ දිගේ ගොස් ටැංකි පරීක්‍ෂණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ද එහි සේවකයෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment