ලක්ෂ 9 ක පඩියකට බීඕ.අයි. එකට සේවකයෙක් අරන්

775

ආයෝජන ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා උපදෙස් ලබා ගැනීමට යැයි පවසමින් ආයෝජන මණ්ඩලයට (බී. ඕ. අයි) රුපියල් ලක්ෂ 09ක පමණ වූ මාසික වැටුපකට බහුජාතික සමාගම් දෙකක සේවය කළ පුද්ගලයකු බඳවා ගෙන ඇතැයි ආයෝජන මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි.

ආයෝජන මණ්ඩලය ආදායම් උපයන ආයතනයක් බවට පත්කිරීම සඳහා යැයි කියමින් කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් අත්දැකීම් බහුල පුද්ගලයකු යැයි පවසමින් මෙම බඳවා ගැනීම සිදු කර ඇතැයි ද වෘත්තීය සමිති පවසයි.

ආයෝජන මණ්ඩලය ආදායම් උපයන ආයතනයක් බවට පත් කිරීම සඳහා යැයි පවසමින් වෘත්තීය භාවයෙන් යුත් නිලධාරීන් ලෙස මේ වනවිට 29 දෙනකු විශාල වැටුප්වලට බඳවාගෙන ඇතැයි ද වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙම පිරිසට වැටුප් හා දීමනා ගෙවීමට ආයෝජන මණ්ඩලය මාසිකව රුපියල් කෝටි 02 ක් පමණ වැය කරන බවත් වෘත්තීය සමිති පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment