ලක්‍ෂයක දඩය සිහි වී දුම්රියට බෙල්ල තබලා…!

1063

ප‍්‍රියන්ත රියැදුරෙකි. රියැදුරෙක් වුවත් ඔහුට තිබුණේ කලාකාමී සිතකි. ඔහුගේ තෙලි තුඩින් මැවෙන රූපරටා ප‍්‍රකට චිත‍්‍ර ශිල්පීන්ගේ නිර්මාණවලට නොදෙවැනිය.

මේ අතර කාලයේදී බිරිඳ ලෙඩ ඇඳට වැටිණ. ගම්පහ නගරයට ආසන්න නිවසක ජීවත් වූ ඔහුට අගහි`ගකම් මතු වන්නට ගත්තේ ඔය අතරය. බිරිඳට වැළඳී තිබුණේ වකුගඩු ආසාදනයකි. බේත් හේත්වලට මුදල් නොමැති වූ කල සතර අතට ණය වෙන්නට ඔහුට සිදුවිය.

ප‍්‍රියන්ත මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි ආයතනයක ලොරියක වැඩ කළේ එකී ආර්ථික අර්බුද මැදය.

‘මචන්……. මට උඹගේ මෝටර් බයිසිකලේ දියං හෙට උදේ මම ගෙනත් දෙන්නම්’’ ආයතනයේ මිතුරකුගේ යතුරුපැදිය ඉල්ලා ගත්තේ සවස වැඩ ඇරී ගෙදර යෑමටය. යතුරුපැදියේ හිමිකරු එදින රාත‍්‍රී සේවා මුරයකය. මීට පෙරාතුවත් කිහිප වතාවක්ම මිතුරාට යතුරුපැදිය ලබාදී තිබුණ නිසා එදිනද දෙවරක් නොසිතා යතුරුපැදිය දුන්නේ මිනිසත්කමටය. එදින රාත‍්‍රියේ මිනුවන්ගොඩ සිට නිවසට ගිය ප‍්‍රියන්ත රාත‍්‍රියේ හොඳටම මත්පැන් පානය කළේය. හෙල්මටයද නොමැතිව බීමත්ව නිවසට යන්නට ගිය ඔහු රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිසියට හසු විය.

‘‘සර්…. වරද මගේ සර්. මාව යවන්න’’ ඔහු ඉල්ලා සිටියද නීතිය තද විය. ‘‘කෝ ලයිසන් ඉන්ෂුවරන්ස්’’ ඒ දෙකද කල් පැන තිබිණි. කොරෝනා වයිරසය නිසා ඒ දිනවල ඒවාද අලූත් වී නොතිබිණි. ප‍්‍රියන්තව පොලිසියට ගෙන ගියේ යතුරුපැදියද සමගිනි. ඊළග දවසේ පොලිස් ඇප මත එළියට ආ ප‍්‍රියන්ත වැටුනේ කබලෙන් ලිපටය. හෙල්මට් නොපැළඳ සිටීම ලයිසන් ඉන්ෂුවරන්ස් කල්පැන තිබීම, බීමත්ව රිය පැදවීම මත උසාවියට ඉදිරිපත් කළ පසු දඩය රුපියල් ලක්‍ෂයකි.

අතේ සතේ නැත. ඊළ`ග දවසේ ඔහු රුපියල් 2000ක් ණයට සොයාගෙන යළි හොඳටම මත්පැන් පානය කළේ සිත්තැවුලෙනි. ගම්පහ නගරයට ආ පසු ඔහුට හිතුණේ රේල්ලූවට බෙල්ල තැබීමටය. තීරණය ක‍්‍රියාත්මක වූයේ සැණිනිි. මේ කාලයේ මිනිස්සු ඉන්නේ ගිනි ගොඩකය. පොලිසියේ මහත්වරුත් ඒ ගැන කල්පනා කළයුතු නොවේද?

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment