ලක්‍ෂ්මන් විජේසේකර අභාවප‍්‍රාප්ත වෙයි

612

දශක හතරකට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත‍්‍රයට විශිෂ්ට සේවයක් කළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියකු මෙන්ම වෙළෙඳ දැන්වීම් අධ්‍යක්‍ෂවරයකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ඊයේ (12 වැනිදා) පස්වරුවේ අභාවප‍්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 73 වැනි වියෙහි පසුවිය.

රටේ සමාජ දේශපාලන කාරණා විෂයෙහි අතිශයින්ම ප‍්‍රගතිශීලී ස්ථාවරයක හිඳ සිය කලා භාවිතය කළ ලක්ෂ්මන් විජේසේකර මහතා අසනීප තත්ත්වයෙන් සිටි අතර ඔහු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

ලක්ෂ්මන් විජේසේකරයන් ගැයූ ‘දැල්වූ පහන්’, ‘ඇති දේ ඇති සැටියෙන්’, ‘ඔබ මට තරුවකි’, ‘දෑත දෙපා ලන ගිගිරි සරින්’, ‘සුපෙම් හැඟුම්’, ‘මේ පේ‍්‍රම සීමා මාලකේ’, ‘බාල ළමා වරුනේ’, ‘සිනා පිපෙනා මේ වසන්තේ’ වැනි ගීත සහෘද හදවත් තුළ දැඩිව තැන්පත් වී තිබුණේය. එමෙන්ම, විලම්බීත (ටී. බී. ඉලංගරත්න), දඟයන්ට පමණයි (ළමා), ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවල ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේය.

සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා අද (13 වැනිදා) ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14 වැනිදා) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment