ලක්‍ෂ හතරක සුද්දයක් දුන් මත් ලෝලී දුම්රිය රියැදුරු දැලේ

854

දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරමින් සිටියදී හෙරොයින් මත් කුඩු පානය හේතුවෙන් සේවය අත්හිටවූ, හිටපු දුම්රිය සහාය රියැදුරෙකු ලක්‍ෂ හතරකට ආසන්න සොරකමක් සම්බන්ධයෙන් සැකපිට ඊයේ (31 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හුරිගස්වැව, ගල්නෑව ලිපිනයේ පදිංචිව සිටි 34 හැවිරිදි එක්දරු පියෙකි.

සැකකරු දුම්රිය සහාය රියැදුරකු ලෙස සේවය කරමින් සිටියදී, තදින් හෙරොයින් මත් කුඩු පානයට ඇබ්බැහි වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වීමෙන් අනතුරුව විවිධ සොරකම්වල නිරත වී ඇතැයි පොලිසිය පැවසීය.

සැකකරු එම සොරකම් සම්බන්ධයෙන් පොලිසියෙන් වසන් වී සිටීම සඳහා ගල්නෑවේ සිට අනුරාධපුර, බංඩාරපුලියන්කුලම ප‍්‍රදේශයේ මිතුරකුගේ නිවසට පැමිණ ඇති අතර, එහි සිටියදී මිතුරාගේ නිවසට යාබද නිවස බිඳ මුදලින් රුපියල් ලක්‍ෂ එකහමාරක් සහ රත‍්‍රන් පවුම් දෙකක් සොරකම් කර ඇතැයි පොලිසිය පවසයි.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment