ලක් වනිතා පෙරමුණෙන්  පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණ  

180

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් එක්සත් ලක් වනිතා පෙරමුණ කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වූ උද්ඝෝෂණයට එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ, එජාප සභාපති වජිර අබේවර්ධන, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක හා ලක් වනිතා පෙරමුණේ වනිතාවෝ ද ඊට එක්ව සිටියහ.

එහිදී කතා කළ ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය, වෙන කවරදාටත් වඩා අද ගෘහ කාන්තාව පීඩාවට පත්ව ඇති බවත්, ගෑස් පිපිරීමේ සිට අධික ජීවන බර තුළත් පීඩාවට පත්ව ඇති බවත් කාන්තාවන්ට සුරක්‍ෂිත රටක් හැදීම කළ යුතුව ඇති බවත් කීවාය.

රටේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% කින් ඉහළ දැමීමට එදා රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගත් නමුත් අද එම ප‍්‍රමාණය අඩු කිරීමට යත්න දරමින් සිටින බව එහිදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment