ලග්න රැසකට ප්‍රබල ධන සම්පත් උදාකරමින් ග්‍රහලොව සුරතලිය තම ගෙදරට එයි

13741

පිංවත් දරු උපත් පිළිසිඳ ගැනීමට ඉතාම ශුභ කාලයක් වේ.
දේශපාලනය තුළ කාන්තා හඬ ප්‍රබල වෙයි.

කතාවේ බලය ඉස්මතු වේ.
ජනතා ප්‍රසාදය ලබා ගැනීමට ශුභ කාලයයි.

වාසනාව රූප සෝභාව ඇති වෙන මහා ධන සම්පත් උදා කරවා හිත මිතුරුකම් වැඩි දියුණු කරන දේශපාලනයේ ඉහළටම ඔසවා තබන ජනතාව තුළ ප්‍රසාදය හිමිවන සියලුම සැප ගෙන දෙන සිකුරු ග්‍රහයා වර්ෂ 2024 මැයි 19 ඉරිදා දින උදේ 8.43ට වෘෂභ රාශියට පැමිණ වර්ෂ 2024 ජුනි 12 දක්වා වෘෂභ රාශි ගතව ස්වකේෂේ‍ත්‍ර බලයට පැමිණෙයි.

මේෂ ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුළ දෙවැන්නට සිකුරු පැමිණීම ගුණ අගුණ මිශ්‍ර වේ. ලැබිම් වලට ශුභයි. ඉගෙන ගන්නා අයටත් යහපත් වේ. විදේශ ගත විම් බලාපොරොත්තු යන ඒවා ඉටුවෙන ලකුණු පහළ වෙයි. නමුත් තමා නොසිතන ලෙස මුදල් නාස්ති වීම් හා හිතට දුකක් මතු වෙයි. නමුත් උත්සාහයෙන් දියුණුව ලබා ගන්නට හැකි බලයක් ඇති වේ.

රෝග ලෙස :- බඩේ කැක්කුම මතුවෙයි.

අමාශ ගත රෝග මතුවෙයි.

වෘෂභ ලග්නය:- ඔබගේ කේන්ද්‍රය තුළ එක කොටුවට හෙවත් ලග්නයට සිකුරු පැමිණීම. මංගල යෝග උදාවේ. දියුණු වීමට මාර්ග ඇතිවෙයි. අත මිට සරු වේ. නොදුන් ණය ලබාගැනීමටත් ශුභයි. කාන්තාවක් නම් තව තවත් ලස්සන වීමට බලයි. කා සමගත් සතුටින් සුහදව ඉන්නට බලයි. බොහෝ ශුභ ඵල උදාවෙන මාසයක් වෙයි. වෙනත් දරුණු ග්‍රහ අපල නැතිනම් ශුභ වෙනවා ඇත.

මිථුන ලග්නය:- ඔබගේ කේන්ද්‍රයේ 12 වන භාවයට සිකුරුගේ පැමිණීම අනුව, විදේශ ගතවීමේ බලාපොරොත්තු ඉටුවෙයි. ගෙදර ප්‍රශ්න මතු වීමට ඇතත් නැවත යහපත් තත්වය උදාවෙයි. වෙළෙදාම් කරන අයට ශුභයි. අතමිට සරුවෙයි. උසස්වීම් ලැබීම් වලට ශුභයි. යහපත් දරු සම්පත් ලැබ්ම් ශුභයි. දරු සම්පත් පිළිසිඳ ගැනීමටත් ශුභයි.

රෝග ලෙස:- පපුවේ රෝග, දෙපාවල රිදීම් ඇතිවෙයි.

කටක ලග්නය:- ඔබගේ කේන්ද්‍රය තුල 11 වැන්නට සිකුරුගේ පැමිණීම යහපත් වේ. අලුත් හිත මිතුරුකම් ඇතිවෙයි. ප්‍රබල මංගල යෝජනා එයි. හිතවත් අය උදව් කරයි. ලැබීම් ධනයට ශුභ වේ.

රෝග ලෙස :- සෙම් රෝග හා මුත්‍රාවල දෝෂ ඇතිවීමට ඇත.

සිංහ ලග්නය:- ඔබගේ කේන්ද්‍රය තුළ 10 වැන්නට සිකුරු ග්‍රහයා පැමිණීම සිදුවෙයි. රැකියාවල දියුණුවට ශුභ වේ. ලැබීම් තත්ත්වය යහපත් වෙයි. වෙළෙදාම් කරන අයට තරමක් යහපත් වේ. නව හිත මිතුරු සබඳතා ඇති වෙයි.

දුරගමන් යෑමට ලැබේ.

රෝග ලෙස :- ඇස්වල අමාරු, තුනටියේ රෝග සහ සෙම් රෝගද මතු වෙයි.

කන්‍යා ලග්නය:- ඔබගේ කේන්ද්‍රය තුළ නව වැන්නට සිකුරු පැමිණෙයි.

ඔබට යහපත් වෙයි. පින්දහම් වලින් කාලය ගත කරන අයට ශූභ වේ. පිනට තව තවත් හිත යොමුවේ. වන්දනා ගමන් දුර ගමන් යෑමට කරුණු උදාවේ. ප්‍රබල විදේශ ගත වීම්ද ඇත. පෙර පිං බලය ඉස්මතු වෙයි.

තුලා ලග්නය:- ඔබගේ කේන්ද්‍රය තුළ 8 වැන්නට සිකුරුගේ පැමිණීම සිදුවෙයි. හිතට කරදර කාරි බවක් ඇති වෙයි. පවුලේ රෝගීන් වෙනුවෙන් මහන්සි වන්නට සිදුවෙයි. තමා නිතරම ලස්සනට පිළිවෙළට ඉන්නට හැදුවත් කුමක් හෝ බාදාවක් ඇති වෙයි.

රෝග ලෙස:- අමාශ ගත රෝග මතු වෙයි.

වෘශ්චික ලග්නය:- ඔබගේ කේන්ද්‍රය තුළ 7 වන තැනට සිකුරුගේ පැමිණීම සිදුවෙයි. ප්‍රබල මංගල යෝග උදාවේ. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට යහපත් කාලයක් උදාවෙයි. හවුලේ කරන වෙළෙදාම් ව්‍යාපාර වලටත් යම් සහන කාලයක් උදාවෙයි.

රෝග ලෙස :- පපුවේ රෝග, බඩේ රෝග මතුවිමට ඉඩ ඇත.

ධනු ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුළ 6 වැන්නට සිකුරුගේ පැමිණීම සිදුවෙයි. තරමක් අසහනකාරී තත්වයක් මතු වුවත් ලැබීම් වලට යහපත් වේ. විදේශ ගතවීම් වලටත් ශුභයි. දුර බැහැර ගමන් යෙදේ. ගෙදර ස්ථාන දෝෂ මතුවීමට ඇත. ගෙදර ප්‍රේත දෝෂ පවා ඒමට ඇත. සෙත් කර යහපත ලබා ගන්න.

රෝග ලෙස:- පපුවේ රෝග, බඩේ රෝග මතුවීමට ඇත.

මකර ලග්නය:- ඔබගේ කේන්ද්‍රය තුළ 5 වැන්නට සිකුරුගේ පැමිණීම සිදුවෙයි. ඔබට ඉගෙනීම් කටයුතු වලට යම් සහනයක් උදාවෙයි. ප්‍රබල මංගල යෝග උදාවේ. විදේශ ගතව ඉගෙනගන්න බලාපොරොත්තු වෙන් ඉන්න අයටත් ශුභයි. තමාද ලස්සන වෙයි. හිතවත් අය උදව් කරයි. දියුණුවට ශුභ වේ.

කුම්භ ලග්නය:- ඔබගේ කේන්ද්‍රය තුළ සිකුරු 4 වැන්නට පැමිණීම සිදුවෙයි.

දියුණුවට ශුභයි. ඉඩම් මිලදී ගන්නට හා ගෙවල් වල දියුණුවට යහපත් වේ. වාහන මිලදී ගැනීමට හා පරණ වාහනය විකුණා අලුත් වාහන මිලදී ගැනීමටත් ශුභයි. වියදම් තරමක් අධික වූවත් ගෙදරට සතුට ඇති වේ.

සමගියට ශුභ වේ.

රෝග ලෙස :- ඔඵවේ බර ගතිය, කැක්කුම ඒමට ඉඩ ඇත.

මීන ලග්නය:- ඔබගේ කේන්ද්‍රය තුළ 3 වැන්නට සිකුරුගේ පැමිණීම යහපත් වේ. ඉගෙනගන්නා අයට ශුභයි. විවාහ වීමට අදහස් කරන අයට ප්‍රබල මංගල යෝග උදාවේ. සහෝදරයන් වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමට තමාට සිදුවෙයි. නව හිත මිතුරු සබඳතා ඇති වෙයි. දියුණුවට ශුභයි.

රෝග ලෙස:- පපුවේ සෙම් බව ඇතිවෙයි.

සිකුරු ග්‍රහයා වෘෂභ රාශි ගත වන විට ඔබගේ කේන්ද්‍රය තුළ සිකුරු ශුභ ලෙස බලවත්ව පිහිටා ඇත්නම් සිකුරුගේ මහා දශාව අන්තර් දශාව ලබා ඇත්නම් ඔබට බොහෝ ගුණ ලැබේ. සැප ලැබේ. සිතුම් පැතුම් ඉටුවෙයි. වාසනාව ගෙන දෙයි.

■ දෝෂ මග හරවා ගැනීමට පත්තිනි මැණියන්ට පුජා තබන්න.

■ කිරි අම්මා දානයට උදව් කරන්න.

■ පත්තිනි මැණියන්ට සුදු නෙඵම් මල් හා කහ මල් පුජා කරන්න යහපත් වෙයි.

ලග්න රැසකට ප්‍රබල ධන සම්පත් උදාකරමින් ග්‍රහලොව සුරතලිය තම ගෙදරට එයි

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විද්‍යා විශ්වකීර්ති
නිහාල් හේවාබටගොඩගේ
077 418 1943

advertistmentadvertistment
advertistmentadvertistment