ලග්න හතරකට මාලවී රාජ යෝගය… – සිකුරු වෘෂභයට

6446

2023 අප්‍රේල් මස 06 වැනි සිකුරාදා උදෑසන 11.01ට ග්‍රහලොව සුරතලී හෙවත් සිකුරු තම ස්වකේන්ද්‍ර රාශිය වන වෘෂභ රාශියට ප්‍රවිෂ්ඨ වේ. අවුරුදු කුමරා පැමිණීමේ මුවවිට දී මෙසේ ලෞකික සැප උදාකරන සිකුරු බලවත් වීම නම් ඉතා සුබ ආරංචි සැමට උදාකරනු ඇත.

කලාව, සෞන්දර්ය ආදියට මිනිස් සිත ඇදී යන කාලයකි. තාක්ෂණික කටයුතුවල දියුණුවක් දැකිය හැක. කායික, මානසික තෘප්තිමත් භාවය සාමාන්‍ය මහජනයාට උදාකරනු ඇත.

සිකුරු වෘෂභ රාශිය තුළ බලවත් වීමෙන් වෘෂභ සිංහ වෘශ්චික, කුම්භ යන ලග්න හතරට තත්කාල කේන්ද්‍රයේ මාලවී යෝගය උදාකරන අතර මිථුන, තුලා, ධනු, යන අයට සරලා, විමලා, හර්ෂා යන විපරීත රාජ යෝග නිර්මාණය කරනු ඇත. සෙසු ලග්නවලට ද යම් යම් ශුභ ඵල උදාකිරීම පෙන්නුම් කෙරේ. සිකුර මෙසේ වෘෂභය තුළ රැඳී සිටින්නේ මැයි 02 වැනිදා තෙක් පමණි.

කෙසේ වුවද සමාජ, ආර්ථික තත්ත්වය යම් ස්ථායි තාවකට පත්ව අවුරුදු සැමරීමට මෙමගින් මහජනතාවට අවස්ථාව උදාවනු ඇත.

මේෂ – පවුලේ දියුණුවට කටයුතු සංවිධානය කරයි. නව ආර්ථික මාර්ග කෙරේ උනන්දු වෙයි. සමාජය තුළ යහපත් ලෙස හැසිරේ.

වෘෂභ – සිතිවිලි යථාර්ථයක් බවට පත් කෙරේ. තම අරමුණු ජය ගනී. ප්‍රේමය, ධනය, තමා කරා පහසුවෙන් ළඟාවනු ඇත.

මිථුන – විදේශගත සබඳතා ශක්තිමත් වේ. සමාජ සේවා කටයුතුවලට පෙළඹේ. දුර බැහැර ගමන් යෙදෙන අතර නව මිත්‍ර සබඳතා සෑදේ.

කටක – වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලට ඉතා ශුභ කාලයකි. අමතර ආදායම් උරුම කරයි. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නියුතු අයට ඉතා ශුභ කාලයකි.

සිංහ – රැකියාවේ උසස් වීම් උදාවිය හැක. අන්‍ය සේවක සහයෝගය ලැබේ. නව රැකියා අවස්ථා උදාවීමට ද ඉඩ ඇත.

කන්‍යා – පෙර පින ඉස්මතු වන කාලයකි. තම උසස් අධ්‍යාපනික කටයුතු සාර්ථක කරයි. දූ දරුවන්ගේ කටයුතු නිසා සිතේ සතුට උදාකරනු ඇත.

තුලා – විවාහ ජීවිතයේ මුණ ගැසුණු අය නිසා සතුට උදාකරයි. රහසිගත ආදායම් නිර්මාණය කෙරේ. හවුල් ව්‍යාපාර දියණුව ද උදාකරනු ඇත.

වෘශ්චික – විවාහ සබඳතා ශක්තිමත් කෙරේ. පොදු සමාජය තුළ කැපී පෙනෙන තරුවක් බවට පත් වෙයි. හවුලේ කරන වැඩවලින් ව්‍යාපාරවලින් අතිරේක ආදායම් ලැබ

ධනු – යහපත් සේවක සබඳතා නිර්මාණ කරයි. මානව සම්පත් කළමණාකරණයට ඉතා ශුභයි. රෝගී තත්ත්වය නිරෝගී භාවයට පත් කරගත හැක.

මකර – ප්‍රේම සම්බන්ධතා නිර්මාණය කෙරේ. යහපත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරය.ි දරුඵල අපේක්‍ෂිත අයගේ සිහින සැබෑවන බව පෙනේ.

කුම්භ – නිවාස දේපළ සම්බන්ධ ගැටලු විසඳේ. ගෙවල් දොරවල් යානවාහන මිලදී ගැනීමට අවස්ථාව උදාවේ. සිතේ සතුට වර්ධනය වන කාලයකි.

මීන – සහජ කුසලතා වර්ධනය කරයි. හිතේ ඇති සිහින සැබෑ කරගැනීමට අවස්ථාව නිර්මාණය වේ. කලාත්මක කටයුතුවල නිරත අයට ඉතා ශුභ කාලයකි.

කෙසේ වෙතත් අප්‍රේල් 06 වැනි බ්‍රහස්පතින්දා හෝ 7 වැනි සිකුරාදා කුරුලු ජෝඩුවක් නිදහස් කිරීමෙන් ඇති විහැකි සුලු සුලු බාධා ද දුරු කරගත හැක. තවද කෙසෙල් කොළේ ඔතන ලද බත් පාර්සල් 03ක් කාන්තාවන්ට දන් දෙන්න.

ලග්න හතරකට මාලවී රාජ යෝගය… - සිකුරු වෘෂභයට

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment