ලග්න හයකට සුබපල උදාකරමින් – ග්‍රහලොව සුරතලිය කටක රාශියට…

309

2023 මැයි මස 30 වැනිදා රාත්‍රි 7.40 ට ග්‍රහලොව සුරතලිය වන සිකුරු කටක රාශියට ප්‍රවිශ්ඨ වේ. කටක රාශිය මර රාශියක් වන අතර ඵලදායී රාශියක් ද වේ. තවද කටක රාශිය නිශ්ශබ්ද රාශියක් ලෙස ද හැඳින්වේ. එනම් කරන දේ නිහඬව සිදුකිරීම කටකයේ සොබාවයි. ලෝකායතන ජ්‍යොතිෂයේදී කටක යනු හතර වැන්නයි. හතරවැන්න සිකුරුට දිග්බල ස්ථානයයි. එනම් ක්‍රියාත්මක විය හැකි ස්ථානයයි. ඒ අනුව ලෝකායතන ජ්‍යෙතිෂය අනුව ලොව පුරා ලෞකික සැප සම්පත්වල සියුම්ව දියුණු වීමක් පෙන්නුම් කෙරේ.

සිකුරු ලෞකික සැපසම්පත් ලබාදීමේ ප්‍රමුඛයා වේ. විවාහ, යාන වාහන, නිවාස, සුඛෝපභෝගී ජීවිත සිකුරුගෙන් උරුම වෙයි. මේ වනවිට කුජ සිය නීච රාශිය වන කටකයට ප්‍රවිශ්ඨ වී තිබේ. සිකුරු එන්නේ එම කටකයටම ය. කුජ, සිකුරු යෝග වීම ආකර්ෂණ යෝගයකි. අතිධාවන කාම යෝගයක් ලෙස ද හැඳින්වේ. එබැවින් වැරදි කායික සම්බන්ධතාවලින් ප්‍රවේශම් විය යුතු කාලයකි. කෙසේ වෙතත් මෙම ග්‍රහ මාරුව මේෂ, කන්‍යා, තුලා, ධනු, මකර, කුම්භ වැනි ලග්න වලට යහපත් තත්ත්වයක් උදාකරනු ඇත.

මේෂ

යාන වාහන ලාබ ලැබේ. වාසස්ථාන ආශ්‍රිතව තිබූ ගැටලු විසඳේ. ගෙදර දොරේ වැඩකටයුතු සාර්ථක තත්ත්වයට පත්වේ.

වෘෂභ

පෞරුෂත්වය වර්ධනය වෙයි. හිතේ ඇති බලාපොරොත්තු ඉටුවේ. සමාජ සබඳතා ගිවිසුම්වලට එළැඹීම් සිදුවන කාලයකි.

මිථුන

වචන භාවිතයේ දී ප්‍රවේශම් විය යුතුයි. අධික කේන්තිය හා අධික ආදරය අතර සිත දෝලනය වෙයි. වියදම ද ඉහළ යනබව පෙනේ.

කටක

හිස ආශ්‍රිත රෝග උදාවිය හැක. රැකීරක්‍ෂා කටයුතු නිසා කාර්යබහුල වේ. එහෙත් වැඩ අතපසු විය හැකි කාලයකි. කම්මැලි වීමට ඉඩ ඇත.

සිංහ

ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්ත්ව උදාකරයි. පාද ආශ්‍රිත ගැටලු නිර්මාණය විය හැක. ඒ ගමෙත් නගරයෙත් පිට වැඩකටයුතු උදාවේ.

කන්‍යා

වෙළෙඳ ව්‍යාපාරික කටයුතු වලට යහපත් වේ. සමාජ සබඳතා වැඩිදියුණු කරයි. වෙළෙ ගිවිසුම්වලට එළැඹේ. අතිරේක ආදායම් ලබයි.

තුලා

රැකී රක්‍ෂා කටයුතු වලින් දියුණු වේ. අන්අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි. මහන්සි නොබලා වැඩකර හොඳ නමක් දිනාගත හැක.

ධනු

ජලය පානය නොකිරීම නිසා හටගන්නා රෝගී තත්ත්ව ඉස්මතු වේ. කොන්ද ආශ්‍රිත අනතුරු සිදුවීම්වලට ඉඩක් ඇත. අනපේක්‍ෂිත සිත් බිඳීම්වලින් ප්‍රවේශම් වන්න.

වෘශ්චික

පෙර පින ඉස්මතු වෙයි. උසස් අධ්‍යාපනික යහළුවන් මුණ ගැසේ. විදේශගත අධ්‍යාපනික කටයුතුවලට යහපත් කාලයකි.

මකර

හවුල් ව්‍යාපාර කටයුතු කෙරෙහි සිත ඇදී යයි. වැඩිහිටියන් සමග යහපත් සබඳතා නිර්මාණය වෙයි. විවාහ අපේක්‍ෂිත අයගේ සිහින සැබෑවන කාලයකි.

කුම්භ

යහපත් සේවකයින් ලැබේ. තනතුරු ලැබීමේ ඉඩකඩ ඇත. ක්‍රීඩාශීලී කටයුතු වලින් දක්‍ෂතා ඉහළ යන කාලයකි.

මීන

අධ්‍යාපනික කටයුතු වලට ශුභයි. සමාජ සේවා කටයුතුවලට ද ඉඩ ඇත. ප්‍රේමනීය සිතිවිලි සාර්ථක වේ. නව සබඳතා ඉහළ යයි.

කෙසේ වෙතත් කරඳ පැළයට වතුර දැමීම හා කුරුල්ලන්ට කෑම දැමීම ශුභ ප්‍රතිඵල වැඩිකරගැනීමට හේතුවෙයි.

තවද 26 වැනි සිකුරාදා රාත්‍රී 8-9 අතර කහමිශ්‍ර මල් පූජාකර, තලතෙල් පහන් සහිතව බෝධි පූජාවක් පවත්වා කතරගම, ලක්‍ෂ්මී යන දෙවිවරුන්ට පිං අනුමෝදන් කර සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන්න.

ලග්න හයකට සුබපල උදාකරමින් - ග්‍රහලොව සුරතලිය කටක රාශියට…

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment