ලතා – ගීතා ඇතුළු පිරිස ගයද්දී සජිත් පියානෝව වයයි

689

ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොල මහත්මියගේ 88 වැනි උපන් දිනය යෙදී තිබූ පසුගිය සිකුරාදා (11 දා) මාලබේ පිහිටි ඇගේ නිවසට කලින් නොදන්වා හදිසියේ පිරිසක් ගොඩවැදුණේ ඇයට උපන්දින සුබ පැතුම් පිළිගන්වන්නටය.

නිවෙසට පැමිණි පිරිස පළමුව ලතා වල්පොලයන් ද සමගින් සුබ උපන් දිනයක් ගීතය ගැයූහ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියානෝව වාදනය කළේය. ඔහු පියානෝව වාදනය කරද්දී ඊට එක්ව සිටි කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි ගීතා කුමාරසිංහ, සුවිනීතා වීරසිංහ, ශ්‍රියානි අමරසේන, දිල්හානි ඒකනායක නදීකා ගුණසේකර, දයාන් විතාරණ ආකාශ් තාරුක ඇතුළු පිරිස ලතා වල්පොල මහත්මිය සමගම එහිදී ගිතා කිහිපයක් ගායනා කළහ. ධම්මිකා, සුනෙත්, අමිත්, බණ්ඩාර ඇතුළු දරුවන් හා මුණුබුරු මිනිබිරියන් ද පවුලේ සාමාජික සාමාජිකාවෝ ද එදින ඇය සමග එක්ව සතුට බෙදා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment