ලන්ඩනයේ කෞතුකාගාරයක් අලුතින් සත්ත්ව විශේෂ 552ක් සොයා ගනී

294

මෙම වසරේදී ලොව ප‍්‍රකට ලන්ඩනයේ පිහිටි ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් ලොව පුරා රටවලින් සත්ත්ව විශේෂ 552ක් අලූතින් සොයාගෙන නම් කර තිබේ. මෙසේ සොයාගෙන ඇති නව සත්ත්ව විශේෂයන් අතර ආදී කාලීන ඩයිනසෝරස් විශේෂයක්, වර්ණවත් කුරුමිණියන් ඇතුළු කුරුමිණි විශේෂ 90ක්, මැස්සන් හා කකුළුවන් විශේෂ වන බව එම කෞතුකාගාරය විසින් නිවේදනය කර තිබේ.

මෙම අලූතින් සොයා ගැනුණු සත්ත්ව විශේෂ අතර සිටින වැදගත්ම සත්ත්ව විශේෂය සේ සැලකෙනුයේ එංගලන්තයට අයත් වයිට් දූපතේ වසර මිලියන 125කට පමණ පෙර ජීවත් වූ ‘ස්පයිනෝසරස්’ නමින් හැඳින්වෙන කිඹුලකුගේ හිස්කබලට සමාන වූ හිස් කබලක් සහිත වූ ජලයේ මෙන්ම ගොඩබිම ජීවත් වූ ඩයිනසෝරස් විශේෂයයි. විද්‍යාඥයන් 300 දෙනෙකුගෙන් සමන්විත ලන්ඩන් කෞතුකාගාරයේ පර්යේෂකයෝ කිසිවකු මෙම වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් ලොව් විවිධ රටවල සංචාරය කිරීමෙන් වැළකී සිටිමින් මෙම නව සත්ත්ව විශේෂයන් පිළිබඳව තොරතුරු ලබා ගෙන ඔවුන් ලොවට හඳුන්වා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment