ලන්ඩනයේ නිවසක ගින්නෙන් ශ‍්‍රී ලාංකික පවුලක 4ක් මරුට

841

ගිනිකොනදිග ලන්ඩයේ නිවසක ඇතිවූ ගින්නකින් දෙමළ ජාතික කාන්තාවන් දෙදෙනකු හා දරුවන් දෙදෙනකු පිලිස්සී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ නිරුබා තන්ගවඩිවෙල් නම් කාන්තාව සහ ඇගේ මවත් ඔවුන්ගේ දරුවන් දෙදෙනා වූ ශෂ්නා හා කබිෂ් වෙති. ශෂ්නා එක් අවුරුදු වියේ පසුවූ අතර කබිෂ් සිව් හැවිරිදි වියේ පසුවිය.

මෙම නිවසේ සිටි එක් අයකු උඩතට්ටුවේ සිට පැන දිවි බේරාගෙන ඇති අතර ඔහුගේ කකුල කැඞී අති නිසා රෝහල් ගතකර ඇත.

මෙම පවුලේ ස්වාමිපුරුෂයා වන යෝහාන් තංගවඩිවේල් පවසන්නේ නිවසේ ගින්නක් ඇති බවට බිරිඳ දුරකතනයෙන් තමාට දැන්වූ බවයි. නමුත් මොහු නිවසට එනවිට සියල්ල සිදුවී හමාරය.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment