ලන්ඩනයේ සිට ඇවිත් යාපනයේ ගංජා වවලා

700

ලන්ඩනයේ සිට යාපනයට පැමිණ සිටි පුද්ගලයකු ඔහු නැවතී සිටි නිවසේ ගංජා පැළ හතරක් සිටුවා තිබියදී කෝපායි පොලිසිය ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ කෝපායි, උරුම්පිරායි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා මීට වසර කීපයකට ඉහතදී ලන්ඩනයට ගොස් එහි පුරවැසිභාවය ලද පුද්ගලයකි. තවත් මිතුරකු සමග යාපනයට නිවාඩුවක් ගත කිරීමට පැමිණ ඇති මොහු රැුදී සිටි නිවසේ ගංජා පැළ හතරක් සිටිවා තිබියදී කෝපායි පොලිසියේ නිලධාරීන්ට ඒවා සොයා ගැනීමට හැකි වී තිබේ. සැකකරුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කෝපායි පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment