ලන්ඩන් විහාරාධිපති හිමිගෙන්  තුන්වැනි චාල්ස් රජුට සුබ පැතුම්…

271

ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරන පොදුරාජ්‍ය මණ්ඩලයේ නව ප්‍රධානියා ලෙස, බකිංහැම් මාලිගයේ පෙරේදා (17දා) පැවති පිළිගැනීමේ උත්සවයකදී එරට ආගමික නායකයන් 30 දෙනකු අමතමින් තුන්වැනි චාල්ස් රජතුමා බි්‍රතාන්‍යයේ ‘විවිධත්වය ආරක්ෂා කිරීම’ තමාගේ පෞද්ගලික යුතුකමක් සේ සලකා කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බි්‍රතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හිමියන් චාල්ස් රජු වෙත සුබපැතුම් පිරිනමන අයුරුය.

ලන්ඩන් බෞද්ධ විහාරය 1926 දී අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද්දකි. ලන්ඩන් බෞද්ධ විහාරයේ පසුගිය අඟහරුවාදා දිවංගත මහ රැජන වෙනුවෙන් පින්කමක් ද සංවිධානය කර තිබිණි.

චතුර පමුණුව

 

advertistmentadvertistment
advertistmentadvertistment