ලන්ඩන් සිනමා උළෙලේ ‘ද නිවුස් පේපර්’ කප් ගහයි

469

සිනමා, ටෙලිනාට්‍ය සහ වේදිකා යන කලා ක්‍ෂේත්‍ර තුනෙහිම දක්‍ෂ රංගන ශිල්පීන් දෙදෙනකු වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්‍ෂණය කළ ‘ද නිවුස් පේපර්’ සිංහල චිත්‍රපටයට ලන්ඩන් නුවර පැවැති 23 වැනි ‘රේන්බෝ’ සිනමා උළෙළේදී හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමි වී ඇත.

 චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් ඔවුහු එහි ප්‍රධාන චරිත දෙක සඳහා රඟපෑමෙන් ද දායක වූහ.

 මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ සම්මානනීය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වත්මන් ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතායි.

advertistmentadvertistment
advertistmentadvertistment