ලබදූවේ කාබනික වගාවට දිරිදෙන්න රු. අසූදහසකින් අපූරු යන්ත‍්‍රයක්

213

කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය කැබලි කිරීමේ යන්ත‍්‍රයක් ලබුදූව කුරුන්ද ප‍්‍රදේශයේ ගොවි මහතකු වන කේ.කේ. පත්මලාල් මහතා විසින් නිර්මාණය කොට ඇත. රොබින් වර්ගයේ එන්ජිමක් ඇතුළු දේශීය අමතර කොටසක් උපයෝගි කරගෙන මෙකී යන්ත‍්‍රය මොහු විසින් නිර්මාණය කොට ඇත.

ලබුදූව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදකයකු ලෙස පත්මලාල් මහතා ලියාපදිංචි වී ඇත. මොහු ගොවිතැන් කටයුතුවලට අමතරව කාර්මිකයකු ලෙස ද කටයුතු කරයි. තම කාර්මික දැනුම ද යොදාගෙන මොහු මෙකී යන්ත‍්‍රය නිර්මාණය කොට ඇති අතර ඒ සඳහා රුපියල් 80,000 ක පමණ මුදලක් වැය වී ඇත. මේ සඳහා කුරුන්ද ප‍්‍රදේශයේ කාබනික පොහොර පමණක් යොදාගෙන වී වගාව” පලා කොළ හා එළවළු වගා කරනු ලබන නිශාන්ත ලසන්ත මහතාගේ ද සහයෝගය හිමිවී ඇත. ලසන්තගේ සහ ප‍්‍රදේශයේ ගොවි මහත්වරුන්ගේ ඉල්ලීමට අනුව පත්මලාල් මහතා විසින් මෙකී නව නිර්මාණය සිදුකොට ඇත.

ලබුදූව ගොවිජන සේවා බල ප‍්‍රදේශය තුළ ඉතා සාර්ථක ලෙස කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සිදුවන මෙම අවස්ථාවේ තරුණ ගොවි මහතකු ඉදිරිපත් වී කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ යන්ත‍්‍රයක් නිර්මාණය කිරීම පිළිබඳ තමන් සතුටු වන බව මේ සඳහා එක්ව සිටින බෝපේ පෝද්දල ප‍්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකොන් මහතා කීවේය. ලබුදූව ගොවිජන සේවා ප‍්‍රාදේශීය නිලධාරි කේ.එච්.ජේ. සඳමාලි මහත්මියගේ උපදෙස් මත කරුන්ද කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි ඞී. යූ. ලියනගේ මහතා විසින් මෙකී ප‍්‍රදේශයේ ගොවි මහත්වරුන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමුකොට ඇත.

 ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල” හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment