ලබන කන්නයට පොහොර පැකේජයක් – ඇමැති මහින්දානන්ද

123

මහ කන්නයේදී පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීමේදී සිදුව ඇති අඩුපාඩු මඟහරවා ගෙන යල කන්නයේ සිට නියමිත පරිදි කාබනික ගොවිතැන සිදු කිරීමට සියලූ දෙනා සූදානම් විය යුතු බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා කොළඹ දී ඊයේ (23 දා* පැවැති ප‍්‍රගති සමාලෝචන රැුස්වීමක දී සඳහන් කළේය.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ හා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැුස්වීමට සෑම දිස්ත‍්‍රික්කයක ම දිස්ත‍්‍රික් කෘෂිකර්ම නිලධාරිහු, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරු, දිස්ත‍්‍රික් පොහොර අධ්‍යක්ෂවරු, හා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු සහභාගී වී සිටියහ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු සහ තවත් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.

ලබන කන්නයට පොහොර පැකේජයක් - ඇමැති මහින්දානන්ද

මෙම මහ කන්නයේදී වගා කර ඇති කුඹුරු ඉඩම් ප‍්‍රමාණය, එයින් ලබා ගැනීමට අපේක්ෂිත අස්වැන්න, පොහොර බෙදාහැරීම හා ගොවීන්ගේ පොහොර භාවිතය පිළිබඳ තොරතුරු දිස්ත‍්‍රික් මට්ටමින් මෙම රැුස්වීමේදී ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී හෙළිදරව් වූයේ ඇතැම් දේශීය පොහොර නිෂ්පාදකයින් පොහොර සැපයීමේදී එකඟ වූ කරුණු උල්ලංඝනය කර ඇති බවය.

මහ කන්නයේ වගා කළ යුතු කුඹුරු ඉඩම් ප‍්‍රමාණයෙන් මේ වන විට සමස්තයක් ලෙස 90% – 95% ක පමණ කුඹුරු වගා කර ඇති බවද ඉකුත් මහ කන්නයට සමගාමීව මෙවර වී අස්වැන්න 70% – 75% අතර ප‍්‍රමාණයකින් ලබා ගත හැකි බව ද දිස්ත‍්‍රික් කෘෂිකර්ම නිලධාරීහු පැවසූහ.

මෙහිදී ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා දේශීය පොහොර සමාගම් සමග ඇති කර ගත් ගිවිසුම් අනුව ඔවුන් කටයුතු කර ඇද්ද යන්න සොයා බලා දෙසැම්බර් 31ට පෙර වාර්තාවක් කැඳවන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දුන්නේය. විවිධ අභියෝග හමුවේ මහ කන්නයේ වී ගොවිතැන ඇතුළු අනෙකුත් බෝග වගාව සාර්ථක කර ගැනීමට කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ නිලධාරින් දැක් වූ සහායට කෘතඥ වන බව ද ඇමැතිවරයා කීවේය. කාබනික වගාව ප‍්‍රතික්ෂේප කළ බව මාධ්‍යයෙන් හුවා දැක්වූ බවත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අනෙක් දිස්ත‍්‍රික්කවලට වඩා වී ගොවිතැන සාර්ථකව කර ඇති බව මෙම

රැුස්වීමේදී හෙළිදරව් වූ බවත් එය සතුටට කාරණයක් බවත් ඇමැතිවරයා පැවසීය. ලබන කන්නයේ සිට වී වගාව සඳහා පොහොර සම්පූර්ණ පැකේජයක් ලබා දීමට කටයුතු කරන බව ද ඒ අනුව ලැබෙන අස්වැන්නට ඒ පොහොර නිෂ්පාදකයින් වගකීමෙන් බැඳී සිටිය යුතු බව ද ඇමැතිවරයා කීවේය.

කාබනික ගොවිතැන හඳුන්වා දුන් පසු ඇතැම් දිස්ත‍්‍රික්කවල පොහොර කළුකඩ ව්‍යාපාරයක් ආරම්භ වී ඇති බව ද මෙම රැුස්වීමේදී අනාවරණය විය. එමෙන්ම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල ඉතා ඉහළ මට්ටමක පවතින බව ද මෙම රැුස්වීමේදී නිලධාරිහු පෙන්වා දුන්හ.

බදුල්ල, නුවරඑළිය වැනි එළවළු බහුලව වගා කරන දිස්ත‍්‍රික්කවල මහා පරිමාණ එළවළු වගාකරුවන්ට පොහොර හිඟයක් ඇති බව අනාවරණය නොවූ නමුත් කුඩා ඉඩම් හිමි එළවළු වගා කරන ගොවීන්ට නියමිත පරිදි එළවළු පොහොර නොලැබීම නිසා ඔවුන් එළවළු වගාවෙන් ඈත්වීම දක්නට ලැබෙන බව ද මෙම රැුස්වීමේදී හෙළි විය. ජනවාරියේ සිට මේ තත්ත්වය වෙනස් විය හැකි බවද, එළවළු පොහොර ආනයනය කිරීමට මේ වන විට අවසර දී ඇති බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි යල කන්නයේ සිට දිස්ත‍්‍රික් මට්ටමින් පොහොරවල අගය මැනීමේ පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කරනු ලැබීය. එමෙන්ම වී වගාව සඳහා අවශ්‍ය කෘෂිකර්ම උපකරණ ආනයනය කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

විශේෂයෙන් බීජ නිෂ්පාදනය සඳහා සිදු කරන භෝග වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට ද මෙහිදි තීරණය කෙරිණි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment