ලබන ඡන්දයට පෙර පුංචි මන්ත්‍රීලා භාගෙට බස්සයි

168

● පාර්ලිමේන්තු ඡන්දයට  තේරීම් කාරක සභාවක්
● තීරණයක් නැත්නම්  ජනමත විචාරණයක්
● දේශපාලන දූෂණයට  හේතුව මනාප ක්‍රමයයි

ජනපති රනිල් කියයි

මීළඟ පළාත් පාලන මැතිවරණයට පෙර ප්‍රාදේශීය සභා, මහ නගර සභා සහ නගර සභා වලට පත්කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හරි අඩුකින් අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව දැනට සිටින මන්ත්‍රීවරුන් 8000ක ප්‍රමාණය 4000ක් දක්වා අඩුකරන බවත් ඒ වෙනුවට ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

එසේම ප්‍රාදේශීය සභා සතු විධායක බලතල සභාපතිවරයා ප්‍රමුඛ කමිටුවකට ලබා දෙන බවද, තනි සභාපතිවරයකු වෙනුවට මෙම සංශෝධන සංස්ථාගත කිරීමට කටයුතු කරන බව ද පවසන ජනාධිපතිවරයා අදාළ නීති කෙටුම්පත් මීළග මැතිවරණයට පෙර සම්පාදනය කරන බවද කියා සිටී.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment