ලබන පහළොවදා වනවිට 30ට වැඩි රත්නපුරේ සියලු දෙනා එන්නත් කර අවසන්

64

සැප්තැම්බර් 15 දිනය වනවිට රත්නපුර දිස්ති‍්‍රක්කයේ වයස අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට කොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා 2ම ලබාදෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා 8 දා පැවසුවේය.

හෙතෙම එසේ පැවසුවේ එදින සූම් තාක්ෂණය ඔස්සේ පැවති රත්නපුර දිස්ති‍්‍රක් කොවිඞ් මර්දන කමිටුවට එක්වෙමිනි. රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය එම කමිටුව කැඳවා තිබිණි. රත්නපුර දිස්ති‍්‍රක්කයේ 30ට වැඩි ජනතාවට මෙම 15 වන දිනට පෙර කොවිඞ් මර්දන එන්නත ලබාදී අවසන් කරන බව සඳහන් කළ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා රත්නපුර දිස්ති‍්‍රක්කයෙහි සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සියලූ දෙනාටම කඩිනමින් එන්නත ලබාදෙන ලෙසට ද කොවිඞ් මර්දන කමිටුවෙන් ඉල්ලා සිටියේය.

රත්නපුර විශේෂ – තිලකසිරි දෑල බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment