ලබන මාසයේ ඉන්ධන මිල ගැන බලශක්ති ඇමැතිගෙන් අනාවැකියක්

384

ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා

,මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. අපි අප්‍රේල් මාසයේත් ඒ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක වෙනවා. බොරතෙල් මිල අඩුවෙනවා. රුපියල ශක්තිමත් වෙනවා . ඒ නිසා ජනාධිපතිවරයාත් අපිට උපදෙස් දීලා තියෙන ආකාරයටම අපි අප්‍රේල් මාසයේ ඉන්ධන මිල සංශෝධනය කරනකොට ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් ලබාදෙන්න කටයුතු කරනවා .

advertistmentadvertistment
advertistmentadvertistment