ලබන වසරේ අග සිට ආර්ථිකය හරි මාවතට මහ බැංකුව කියයි

111

ලබන වසර (2023) අග භාගයේ සිට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෑතකාලීන කාලීන ආර්ථික ප්‍රවණතා මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය අනුව මෙන්ම දැනටමත් ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සලකා බැලීමේදී 2023 අග භාගයේ සිට ආර්ථිකය යථා තත්ත්වට පත්වීමේ මාවතට අවතීර්ණ වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment