ලබන වසරේ මාස 8ක තෙල් කොන්ත‍්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට

138

මෙරට ඉන්ධන අවශ්‍යතාව අනුව ලබන 2022 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ මාස අටක කාලය සඳහා පෙට‍්‍රල් සහ ඞීසල් ආනයනය සඳහා වූ දිගු කාලීන කොන්ත‍්‍රාත්තුව සිංගප්පූරුවේ එම්/එස් විටෝල් ඒෂිය සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

මේ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවීමෙන් පසු කැබිනට් මණ්ඩලය මගින් පත් කරනු ලැබූ විශේෂ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ සමාගමට මෙම කොන්ත‍්‍රාත්තුව පිරිනමා ඇත. මේ අනුව ලබන වසරේ මුල් මාස අට තුළ ඞීසල් බැරල් දහහතර ලක්‍ෂයක් (1,400,000) සහ පෙට‍්‍රල් බැරල් දහඅට ලක්‍ෂයක් (1,800,000) මෙරටට ආනයනය කිරීමට නියමිතය.

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද කබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26 වැනිදා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment