ලබන වසරේ රාජ්‍ය සේවයට අලූතින් වාහන ගන්නේ නෑ – සාගතයකට ඉඩ තබන්නේත් නෑ – මුදල් ඇමැති කියයි

123

2022 වසර සඳහා කිසිම ආකාරයකින් රථවාහන මිලදී ගැනීම හෝ රාජ්‍ය සේවය සඳහා අලූතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සිදු නොකරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

එනිසා මේ වසරේ සිටින කාර්ය මණ්ඩලයෙන් ලබන වසර තුළ කටයුතු කරන්න වන බව පැවසූ ඇමැතිවරයා රාජ්‍ය සේවයේ දැනට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සේවකයන් සිටින බවත් එය පළාත් පාලන ආයතන වෙත ගොස් බැලූ විට හොඳින් පැහැදිලි වන බවත් කීවේය.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සේවකයන් සංඛ්‍යාව දෙස බැලූ විට ඔවුනට වාඩිවීමට පුටු හෝ නොමැති අයුරින් වැඩි සේවක සංඛ්‍යාවක් සිටියදී අලූතින් සේවකයන් බඳවා ගැනීම තුළින් දැනට පවතින රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කළ නොහැකි යැයිද පැවසීය.

එසේම රට තුළ සාගතයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් ජනතාවට අවශ්‍ය ආහාර පාන හි`ගයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවත් පැවසූ මුදල් ඇමැතිවරයා විදේශගත ශ‍්‍රමිකයන් පිරිස ලබන වසරේදී ලක්‍ෂ තුන දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවද කීවේය.

මුදල් ඇමැතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (09 දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති රැුස්වීමකදීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment