ලබන සතියේ පාසල් පැවැත්වෙන විදිහේ වෙනසක්

567

එළඹෙන සතියේදී පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා (08, 09, 10) දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට කටයුතු කරනු ලැබුවත් බ්‍රහස්පතින්දා දින පෝය නිවාඩු දිනයවීම නිසා එය බදාදා දිනයට යොදාගෙන තිබේ.

මේ අනුව සිකුරාදා (12දා) දිනය පමණක් මාර්ගගත ක්‍රමයට (Online) ඉගැන්වීම් සිදුකරන ලෙස අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment