ලබන සතියේ මුදල් ලැබුණොත් මැයි මාසයේ ඡන්දය පැවැත්විය හැකියි

67
  • රජයේ මුද්‍රණාලයාධිපතිනිය

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ඉදිරි සතිය ඇතුළත මුදල් ලැබුණොත් පළාත් පාලන මැතිවරණය මැයි මස පැවැත්වීමට හැකිවනු ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය “දිවයින”ට ඊයේ (19 දා) පැවසුවාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් දින තුනක් ඇතුළත පොලිසියට දැනුම් දෙන ලෙස බොරැල්ල පොලිසිය රජයේ මුද්‍රණාලයාධිපතිනියට පෙරේදා (18 දා) දන්වා ඇති අතර අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීමේ අරමුණින් පොලිසිය මෙම දැනුම්දීම සිදුකර තිබේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා දින 30 ක් නොව දින 33 ක් ගතවන බව ද අප්‍රියෙල් මාසයේ කෙසේ වෙතත් මැයි මාසයේ හෝ ඡන්දය පැවැත්වීමට හැකි වන බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියාය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment