ලබන සඳුදා බස් හුඹස් වෙයි

442


ඩීසල් නොමැතිකම නිසා ලබන සදුදා (06) සිටි සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද අවසන් වන තෙක් මෙම තීරණය ගැනීම ප්‍රමාද කළ බවත් හෙතෙම සඳහන් කළේය.

බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවත් ඔහු පැවසීය.

ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් විජේරත්න මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment