ලබන 15 තෙක් ක‍්‍රියාත්මක – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්වෙයි

163

* මංගල උත්සවලට 200 ක්

* එළිමහන් සාදවලට 250 ක්

* හෝටල්වලට 100 යි

* සිනමා ශාලාවලට 75% ක්

* මළ ගෙදරකට උපරිම 20 යි


සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මෙම මස 15 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කිරීම සඳහා ඊයේ (01 දා) නිකුත් කළ කොවිඞ් රෝග පාලන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උත්සව ශාලාවක් තුළ විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී පුද්ගලයින් 200ක් සහභාගී කරවා ගැනීමට අවසර ලබාදී ඇත.

මෙතෙක් ඒ සඳහා අවසර ලබාදී තිබුණේ පුද්ගලයින් 100කට පමණි.

එසේම එළිමහන් මංගල සාද සඳහා පුද්ගලයින් 250 ක් දක්වා සහභාගී කරවා ගැනීමට ද අවසර ලබාදී තිබේ. එය මෙතෙක් පැවැතියේ පුද්ගලයින් 150 ක් දක්වා පමණි.

ආපනශාලා සඳහා ද එහි ධාරිතාවෙන් තුනෙන් එකකට නොවැඩිවන ලෙස පුද්ගලයින් 100ක් සහභාගී කරවා ගෙන පවත්වා ගෙන යා හැකියි. එය මෙතෙක් පැවැතියේ පුද්ගලයින් 75කට පමණි. එළිමහන් ආහාර සැපයීමේ කටයුතුවලදී මෙතෙක් සහභාගීකරවාගත හැකිවූ 100ක පිරිස 150ක් දක්වා ඉහළ නංවා ඇත.

සිනමාශාලා සහ රංගශාලාවල එක් දර්ශනවාරයකට සාමාන්‍ය පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවක් සියයට 75ක් සහභාගී කරවා ගැනීමට අවසර හිමිවේ. එය මෙතෙක් පැවැතියේ සියයට 50%කි.

ප‍්‍රදර්ශන සහ සම්මන්ත‍්‍රණ සඳහා එක්වරකට පුද්ගලයින් 150ක උපරිම පිරිසක් සහභාගී කරවාගත හැකිය. මෙතෙක් ඒ සඳහා අවසර ලබාදී නොතිබුණි.

අවමංගල්‍ය උත්සවයකට එක්වරකදී සහභාගී කරවා ගතහැකි පිරිස පෙර පරිදිම 20කි. මෘත දේහය ඥාතීන්ට ලබාදීමෙන් පසු පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතුය.

ආර්ථික මධ්‍යස්ථාන, සාප්පු, රූපලාවන්‍යාගාර උපකාරක පන්ති ආදී ක‍්‍රියාකාරකම් සඳහා දැනට නියමකර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම ක‍්‍රියාත්මක වේ. ඒ සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස්කර නැත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment