ලබන 20 තෙක් දිගටම වැස්ස: 14 – 15 වැඩිවෙයි – කාලගුණේ කියයි

46

දිවයිනේ පවතින වැසි තත්ත්වය ජුනි 20දා දක්වා පවතින බවත්, ලබන 14 හා 15 දෙදින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ ශ්‍රීමාල් හේරත් මහතා “දිවයින” ට ඊයේ (09දා) පැවැසීය.

අද (10දා) දිනයේ බස්නාහිර, සබරගමුව මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් දවස පුරා විටින් විට වැසි ඇති විය හැකි බවත්, උතුර, උතුරු මැද, නැඟෙනහිර පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඒ මහතා කීය.

ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මිලිමීටර් 79.9ක වර්ෂාපතනයක් බවත් ඒ මහාත කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment