ලයන්ස්ට එරෙහිව ලසිත් දෙවැනි ශතකයත් වාර්තා කරයි

317

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව දෙවැනි ශතකයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඊයේ (07 වෙනිදා) සමත් වූයේය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ දෙවන සිව්දින කිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ දිනයේදී කෲස්පුල්ලේ එම ශතකය ලබා ගත්තේය.

තරඟයේ ඊයේ දිනයට නියමිත පන්දු වාර සංඛ්‍යාවෙන් අඩකටත් වඩා වර්ෂාව හේතුවෙන් අපතේ ගිය අතර ඒ අනුව ඊයේ දිනයට ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 190ක් රැස්කරගෙන සිටියේය.

ශතකලාභී ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඒ වන විට නොදැවී ලකුණු 122ක් වාර්තා කර ගෙන සිටි අතර නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 14ක් රැස්කර ගෙන සිටියේය.

ලසිත් කෲස්පුල්ලේගේ ශතකය පන්දු 90 කදී වාර්තා වූ අතර ඒ සඳහා හතරේ පහර 13ක් සහ හයේ පහර තුනක් අන්තර්ගත වී තිබුණි.

ජොස් ටොන්ගුගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් ශතකය ලබාගත් ලසිත් ඉන් අනතුරුව ද සිය ආක්‍රමණශීලී පිතිහරඹය නිමා නොකළ අතර ඉන් පසුව මුහුණ දුන් පන්දු 19 තුළදී ද තවත් හතරේ පහර තුනක් ද ඇතුළුව ලකුණු 21ක් වාර්තා කිරීමට ඔහු සමත් වූයේය.

ලසිත් කෲස්පුල්ලේ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින පුහුණු තරගයේ හතරවන ඉනිමේ ද වේගවත් ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එහිදී

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 309ක් අවශ්‍ය වූ අතර පන්දු 84කදී ලකුණු 116ක්

රැස්කරමින් ලසිත් වාර්තා කළ ශතකය නිසා ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී පන්දු වාර 50යි පන්දු හතරක් තුළදී ජයග්‍රහණය ලබා ගත්තේය.

ඊයේ තරඟයේ දී ලසිත් සමග ඉනිම ආරම්භ කළ පෙර තරඟයේ දී ද්විත්ව ශතක ලාභියා වූ නිශාන් මදුශ්ක ඊයේ දිනයේ දී ලකුණු 22 කට දැවී ගිය අතර නුවනිදු ප්‍රනාන්දුගේ ඉනිම ද ලකුණු 22කට සීමා වූයේය.

කමිදු මෙන්ඩිස් ලකුණු 6කට දැවී ගිය අතර ඒ අනුව කඩුලු 3ක් දැවී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 149ක් ලෙස දිස්වුණි.

එහෙත් ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ සිය අන්තය ආරක්ෂා කර ගනිමින් ලයන්ස් පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් සිය ලකුණු ලබා ගැනීම අඛණ්ඩව සිදු කරමින් සිටියේය.

නායක නිපුන් ධනංජය පන්දු 31කට මුහුණ දී හතරේ පහර තුනක් ද ඇතුළුව ලකුණු ලකුණු 14ක් ලබා ගනිමින් සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරිණි. එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් සෑම් කුක්, මැතිව් ෆිෂර් සහ ජොශ් ටොන්ගු එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා “ඒ” – 190/3 (44.3) ලසිත් කෲස්පුල්ලේ නොදැවී 122, නිපුන් ධනංජය නොදැවී 14, නුවනිදු ප්‍රනාන්දු 22, නිශාන් මදුශ්ක 22, කමිදු මෙන්ඩිස් 06

පන්දු යැවීම – මැතිව් ෆිෂර් 61/1,ජොස් ටොන්ගු 45/1, සෑම් කුක් 40/1

advertistmentadvertistment
advertistmentadvertistment